Wednesday, July 25, 2012

සිහිනයක් වී නුබ ...

සිහිනයක් වී නුබ ...
හිතක් මේ ඇහැරන...
කදුළ දී සැගවෙන....
ආයෙමත් ලංවෙන...

කෙසේ මා හමුවන...
නොවේ කිසි දිනයක....
එත්... සිත ඉල්ලන....
එකම සිහිනය නුබ...


=-=-=-=-=-මේනකා




Tuesday, July 24, 2012

සිත් කොනේ දගකරපු ආදරය....

සිත් කොනේ දගකරපු ආදරය....
නෙත් කොනේ හැඩ කරපු රු වරුණ....
මට මාව අමතකව සෙනේකල 
මේ හිත ගිලන් කලේ ඇයිද නුබ....


-=-=-=-=-=-මේනකා..

ආදරය

හදවත මුමුණපු ආදරය....
ලියා තැබුවෙමි මා......
නුබේ පත් ඉරු මත.......
දනිමි මා.....
නුබ නොබැලුව වග.....

හද ගැස්ම මොහතකට නැවතිලා..

ප්‍රේමයේ සිතුවිලි ඇහැරිලා..... 
හද ගැස්ම මොහතකට නැවතිලා......
සුවද මල් දෝතක්ව හිනැහිලා......
සුවදදී.....මත් බඹරු ලංවුනා......

සෞම්‍ය සද කිරනකින් හැඩ බලා......
නිල් නයන නෙතු කැලුම් විහිදිලා.....
දෙතොලගට සීත පිනි බිදු සලා......
මේ මුදු ඇතිරිල්ල පොඩිකලා.....

දෙඅත් බැදී එකිනනෙක පැටලිලා....
සුසුම් පවනක් වෙමින් සනසනා......
කෙහෙරැල්ල ඔබ උරේ දග වෙලා......
කියයි මා ඔබට හිමි වුන කියා.....



                              මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ­



නෙත් ලග සැලෙනා සිහින රැයක්...

නෙත් ලග සැලෙනා සිහින රැයක්
ආදරයේ නිම් නොවන පැයක්
හද ගැස්මේ ඔබ ඉන්න බවක් 
දැනුනා සැලෙමින් හදට යමක්..... 

සොයා වෙහෙසෙනා ආදරයක්
ඔය නෙත් දුටුදා දැනුන මටත්
කියාගන්න බැරි හැගුම් ගොඩක් 
රහසේ පීදෙයි සිතුම් පෙළක්....

ආගිය නෙත් අතරේ සගවන් 
යන්න එපා මා ඉන්නෙ බලන් 
ඔබට කියන්නම් සිතේ යමක් 
සිරකර ගොළු නොකරන්න ඔබත්.....


-=-=-=-=-=-මේනකා(මායා)σ.Ƹ̴Ӂ̴




ඔබේ සෙනෙහස පියාණනි...

දෑත් විරිය ගෙන දහදුක් විදගෙන
අප රැකගත්තේ ඔබ මහ පවුරක් විලසින
සිප් සතර උගන්වා ගුණදම් පෙන්වා හැම
මා පසුපස හිටියා සෙවනැල්ලක් වී ඔබ


ඔබ තුරුළේ නැළවුන පු0චි සුරතලියට
අද වන්නට හැකි නුනත් සුරතල් වන්නට
හැමදාමත් ආදරෙයි මගේ පියාණනි ඔබට
හද බැතින් පතමි නිරෝගීසුව දීඝායු ඔබට


පියාණනි ඔබේ සෙවන මට සදා නිවනයි
ඔබේ සෙනෙහස ගැන කවි ගී මා හද මැවෙයි
එනමුත් ලියන්නට මට අකුරු මදිවෙයි
මතමි පියාණනි මා ඔබේ දොණි වී ඉපදෙන්නයි...

දන්නවද... සිහිනය...


දන්නවද...
සිහිනය...
නුඹ ලගින් රැදෙන්නට...
නෙතු ගැටෙන මොහොතකින්..
ආදරේ පවසන්න....
උනුහුමේ ලං කරන්...
තුරුලතේ සගවන්න .
මගේ සිහිනය ඔබ .....ඔව්
ඒ ඔබම වග....



----------------(තරු).°*σ.Ƹ̴Ӂ̴Ʒ
 






මා හැර දමා...


නෙතු මා හැර දමා
ඔබ කොහේ රැදෙන්නේ......
සිත ඇයි හඩවමින්
ඔබ සිනා නගන්නේ......
මගේ සෙනෙහේ
ඔබම...යි රැදෙනේ........
කදුලැල් පිසලමින්
ඔබ යලිත් එවි නම්......
හැගුමන් සගවමින්
මා බලා හිදින්නම්......
ඔබේ සෙනෙහේ
රැදෙන්නම්..ම්ම් මියෙන්නම් ම්ම්.......



=-=-=-=-=-=-මේනකා(මායා).°*σ.Ƹ̴Ӂ̴Ʒ






කවුළුවෙන් එබීගෙන....


කවුළුවෙන් එබීගෙන....
සිසිලසේ දැවටෙමින්.....
දේදුන්නේ පාටගෙන......
දෙකොපුලේ තවරමින්......
සුදුසේලා මිදුමත්.......
ගත පුරා පලදමින්.......
තරු දහස කඩාගෙන..........
මුදු ගෙලත් හැඩලමින්.......
මගේ සරා සද නුබයි.....
පායාපන් ඉහ උඩින්.......






-=-=-=-=-=-මේනකා .°*σ.Ƹ̴Ӂ̴Ʒ






සදේ සිත්තම් ...


සදේ සිත්තම් මැකී ගිය දෙන්
මා සිතින් ඔබේ රුව මැවූ......
නෙතේ කැල්මන් නිවී ගිය දෙන්
ආදරේ හැගුමන් පිදු.......

රැයේ සීතල පිනි පෙරා
මලේ නැබුල් වත තෙමා.....
උදේ බබරිදු සනසලා
රැයේ ගිලිහුණු මලනේ මා......

හැගුම් කලබා නිදි වරා
සොයා වෙහෙසෙයි නෙතු තෙමා.....
දුරින් ඉද ඔබ හිනැහිලා
ඔබට තව ආදරෙනෙ මා.......



-=-=-=-=-=-මේනකා(මායා)σ.Ƹ̴Ӂ̴Ʒ
 








අදුර බිද..


සොමි සද වැතිරුණු විට......
අදුර බිද සිනා නොවී.....
රැයේ මුදු සීතලේ.......
උරුම නොකළ උනුසුමක..........
ආදරේ තරමටම මම....
ඔබට නොදුන් පවකට.....
මේ සිත වැළපෙන්නෙ..
අදුර මැද තනියම......



-=-=-මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ
 —






කියාගන්න බැරි හැගුම් ......


නෙත් ලග සැලෙනා සිහින රැයක්
ආදරයේ නිම් නොවන පැයක්
හද ගැස්මේ ඔබ ඉන්න බවක්
දැනුනා සැලෙමින් හදට යමක්.....

සොයා වෙහෙසෙනා ආදරයක්
ඔය නෙත් දුටුදා දැනුන මටත්
කියාගන්න බැරි හැගුම් ගොඩක්
රහසේ පීදෙයි සිතුම් පෙළක්....

ආගිය නෙත් අතරේ සගවන්
යන්න එපා මා ඉන්නෙ බලන්
ඔබට කියන්නම් සිතේ යමක් 

සිරකර ගොළු නොකරන්න ඔබත්.....



-=-=-=-=-=-මේනකා(මායා)σ.Ƹ̴Ӂ̴Ʒ






අදුර මැද තනියම......


සොමි සද වැතිරුණු විට......
අදුර බිද සිනා නොවී.....
රැයේ මුදු සීතලේ.......
උරුම නොකළ උනුසුමක..........
ආදරේ තරමටම මම....
ඔබට නොදුන් පවකට.....
මේ සිත වැළපෙන්නෙ..
අදුර මැද තනියම......



-=-=-මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ
 —






අහිමි පෙමක සුවය ..

කවි සිතුවිලි ගලා ආවෙ.........
පෙම් සිතුවිලි පහලවෙන්න.....
කදුළු බිංදු මෝදුවෙලා..........
පත් ඉරු බොදවෙලා යාද.......

සිහින දකින රෑ තුන්යම...........
අහිමි පෙමක සුවය සොයන......
මේ අවිහිංසක සිත මගේ...........
තවත් මුලාවෙලා ඇයිද...........

කවදත් නොලැබෙන නුබ මට......
උරුම කරන් කවි ලියන්න..........
දැන්වත් මට කියා දෙන්න..........
මේ ආදරේ නොවෙයි නේද........



-=-=-=-=-=-=-=-මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ



හ්ම්ම්ම්....

කොතෙක් නම් අමනාප වෙලා...තරහ වෙලා ඉන්න හැදුවත්.....
අප හමුඋන,කතාකළ,ලංවුන,හැටි මතක් වෙනකොට......
මේ හිත හදාගෙන නිහඩ වෙන්න බැහැ...
රණ්ඩු වේවි,තරහ වේවි,යාලු වේවි......හ්ම්ම්ම් 
තාමත් මං ඔයාලග මැණික........


-=-=-=-=-=-=මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ



කදුළු බිංදු..

අහස පොලව එකතු කරන 
වැහි බිංදුව වගේ වෙන්න.......
ආයෙත් නුබ ඇය සමගින්
සිනාවෙන්න මට පේන්න......

සිතේ දුකට කදුළු බිංදු
වැටුනත් කම් නෑ සිතන්න.....
ඇයට තියෙන ආදරයේ
බිදක් එපා මට තියන්න......




=-=-=-=-=-මේනකා කුමාරි...
.




ඔබ හා... තනිවෙන්න...

ඔබ හා............
තනිවෙන්න ඇත්නම්....මොහතකට
දරා සිටි හදවතේ සෙනේ බිදු...
වැහෙන්න ඔය සිතට ඉඩ හැර.....
කියාගන්න දහසක් දේ.....සිතලගම 
ගුලිකරන්....සෝ...සුසුම්ලන 
සිත අරන්...
එන්නද මා............


=-=-=-=-=-=-මේනකා කුමාරි






කෝ....මගේ සද....

කෝ....මගේ සද..
බැසගිය ඉසව්ව....
මේ නෙත් හැර දමා......
නිහඩ කර හද දෙවොල....

මේ විල් තෙර ලග
පිපි හිනැහුණ......
ඒ සද සිසිල
ඇයි මට බොහෝ දුර.....

=-=-=-=-මේනකා

....සිහිනයකි ඔබ මට....

සිහිනය සිත්තම් කර මුතු පලස මත.......
තරු පොකුරු පිරිවරු සද නාව රැය පුරා.......
මා හා හාදවී කියූ පෙම් රහස නුබ.......
සීත මදනල සමග කොහෙ ගියේ අනන්තෙට......

වියරු වියැවුල් සිතින් නිදිනේන රැය පුරා....

හිදින කවුළුව ලගින් නුබ එබුනොතින් යලිත්.....
මේ සිත පහන් වී දල්වේවි සදා කල් ...........
සත්තකට ආදරේ ජිවිතේ පුරා මා......

                                     

                                   මේනු σ.Ƹ̴Ӂ̴Ʒ



                                     

ඔබ

මායා... 

ඔබ වෙනුවෙන් අකුරු කරපු...
පත් ඉරු හැම බොද වූනාද....
තේරුම් ගන්නට බැරිවුණ....
ඔය ආදරේ රැවටුවාද......
විදවන්නට ජීවිතේම.......
දුකක් කොහොම ලංකරාද....
තාමත් ඔබ ඇය සගවන්
මටත් හොරෙන් පෙම් කරද.....

                          මේනු