Tuesday, July 24, 2012

ඔබේ සෙනෙහස පියාණනි...

දෑත් විරිය ගෙන දහදුක් විදගෙන
අප රැකගත්තේ ඔබ මහ පවුරක් විලසින
සිප් සතර උගන්වා ගුණදම් පෙන්වා හැම
මා පසුපස හිටියා සෙවනැල්ලක් වී ඔබ


ඔබ තුරුළේ නැළවුන පු0චි සුරතලියට
අද වන්නට හැකි නුනත් සුරතල් වන්නට
හැමදාමත් ආදරෙයි මගේ පියාණනි ඔබට
හද බැතින් පතමි නිරෝගීසුව දීඝායු ඔබට


පියාණනි ඔබේ සෙවන මට සදා නිවනයි
ඔබේ සෙනෙහස ගැන කවි ගී මා හද මැවෙයි
එනමුත් ලියන්නට මට අකුරු මදිවෙයි
මතමි පියාණනි මා ඔබේ දොණි වී ඉපදෙන්නයි...

No comments:

Post a Comment

ඔබ කැමතියි නම්....comments දාල යන්න.... ස්තුතියි